Friday, February 20, 2015

මේඛලා

පරණ ඇද යට තිබී
මණිමේකලාවක් සම්බවිය
එහි දිස්න අඩුවී
මුතු ද ගිලිහී තිබිණ
ඔපදමා රෑ හොරෙන්
එය ඔතාගෙන බැලිමි
අගල් හතරක් පහක්
දිගින් අඩුවී තිබිණි
පහන් දැල්ලට ළංකර
එහි දිස්න සොයන සඳ
ගාංචුව ලිහිල්වී
විදගෙන අතැගිල්ල
වැටිනි ලේ බිදු කීපයක්
මේකලාවෙන් පිටට
ආහ්....
මගේ කඬහඬ
වෙනස්වී
ඇගේ කටහඬ රැව් දින...

Wednesday, February 18, 2015

උඹ

උඹ
උඹ
උඹ
ඔව්
උඹ තමයි
ගලන්න කියා
නතරවුනු ලිද
මං
ගලලා
ගලලා
ගලලා
මූදටම ගියා
උඹ
මට ගලන්න කියා
මට හොරෙන්
ගමේ
නතරවුනා
ඌ එයි දැන්
උඹ ළඟට නාන්ට
උඹ
උඹ
උඹ මේ අහපන්
මං නතරවුනේ

ලිද ඇතුළට අදින්ට
පරණ  තරහක් මකන්ට
ඉදින් ඩින්ගක්
මම ආපහු ගලන්ට
මුහුද කරා ඇදෙන්ට
පමාවෙලා හිටින්ට

Monday, February 16, 2015

මං දැන් වැන්දඹුවක්

මම එතී
දළු දමමින් සිටි කලෙක
මා බදාගෙන සිටි
ගසට
අකුණු පහරක් වැදින

ඉගිලීම

ඉගිලී
යනු
පෙර
ගිලී
ගියා
දියඹක්
හැර
ඉරක්

භීතිකාව

විභාගෙකින්
මනිනවලු බං
අපේ මොළ ගෙඩි
උන් දන්නව ද බං
මනින්ට
අපේ හද ගෙඩි
කියාපන්
හදගෙඩි මනින
ප්‍රශ්නාවලිය
හදන්ටයි කියා
බුද්ධිය මැරී වැටුනු දා
භාවය දිනාගති
ලකුණු සියයම

Monday, February 9, 2015

10.රෑහියගේ විලාපය

රෑට නිදන්ටවත්
හැටියක් නෑ මට
කියමි
දහවල
රිදවුනු
සියලු දෙය
කියා වෙහෙස වූ කල
මැරී වැටෙමි
අතු පාමුල
පසුදාට
උන් පැමිණ
ගිලදාවි
මා සිරුර.

9.සිරකාරියගේ විලාපය

සිර ගෙයක
මැටි ඇතිලියක
ඉදෙනවා
මම
අම්මා අප්පාට
බාලයොන්ට
පිරිමි යැයි මෙහි සිටින
පොන්නයින්ට
කන්ට
කිරි බතක් වෙලා
මගේ කඳුළු
ලුණු මිරිසක් වෙලා
මනසින්
ඊතලයක් ගෙන
මනසින්ම
විදිමි මම
ඊතලය බැගින්
අම්මාට අප්පාට
පොන්නයින්ට
තව
මට
මානසිකව වද දෙන
සියල්ලන්ට
හිත් පිත් නැතිනම් උන්ට
මට හිත් පිත් තිබී
කුමට ද
සිරගෙයක
සිරකාරියකි මම
මානසිකව මරා
මානසිකව
මිය ගොස්
සිරගතවුනු...